History

Historical Background of Ranwana Purana Viharaya
රණවන පුරාණ විහාරය ඓතිහාසික පසුබිම

මෙම රමණීය පුණ්‍ය භූමිය ඓතිහාසික තොරතුරු ගහණ වූ ස්ථානයකි. මෙහි ඉතිහාසය ගවේෂණයේදී අපට මූලාශ්‍ර කරගත හැකි සාධක කීපයක් හමුවෙයි. රණවන ග්‍රාමවරයේ ප්‍රභූවරයකු සතු රන් සන්නස, ලෙන් විහාරය, කටාරම් කෙටූ ලෙනේ පිහිටි පෞරාණික චෛත්‍යය, පෞරාණික ගල් බැම්ම හා තවත් ඓතිහාසික ලේඛන කීපයක මෙම තොරතුරු අන්තර්ගත වේ. රන් සන්නසෙහි සඳහන් ආකාරයට ශතවර්ෂ 1602දී රණවන මොහොට්ටාලට දාව උපන් රණවන වෙදරාළ නැමැත්තෙකුට මෙම රන් සන්නස් පත්‍රය ලබා දී ඇත. මෙහී දැක්වෙන්නේ ස්වකීය පියාණන් වන රණවන මොහොට්ටාල හා හමිති තෙරුන් වහන්සේ විසින් ප්‍රථම කොට සිද්ධකළ කාර්යයන් තවදුරටත් නිමාවට පත් කොට, තුන් බෝධිය පිහිටුවා විහාරයේ වැඩ නිමවා, හඟුරන්කෙත මහවාසලට ඔප්පු ඇතිව මඩින් සත් අමුණක් පූජාකොට බූළුවේ මහතතෙරුන්ට භාරකළ බවත් ඉන් පසුව හොඳින් පුද පූජා ලැබූ බවත් පසුව විසිවසරක් විහාරයේ දොර ඇර ඇති ලෙසින්ම පවතින බවත්ය.

මීටම මඩින් අමුණක් ගොඩින් තිස් අමුණක් පූජා කොට ඇති බවත් එම විහාරයේ ස්වාමීන් වහන්සේ දැනට සත්කෝරළ දිසාවේ සිඟා කා ඇවිදින නිසා දොරවල් පාළුවට පවතින බවත් එහි සඳහන් වේ. මෙබඳු තත්ත්වයක් රණවන විහාරයේ පවතින අවස්ථාවේදී අනුරාධපුරයට පැමිණ හෙණකඳ බිසෝබණ්ඩාර යන්ට සැලකල විට සතුටුව “අද පටන් මේ ස්ථානය වැඩි දියුණු කරවා වෙනත් ස්වාමීන් වහන්සේ නමක් මෙහි පැවිදි කරවා ස්ථානය භාර දී දිනපතා පින්දහම් කරවන” ලෙසට රණවන වෙදරාළට නියම කළ බවත්, ඉන්පසු රණවන වෙදරාලගේ නැමැත්තා පෙරළා රණවන ට පැමිණ පෙරසේම අලුත්වැඩියා කටයුතු සිද්ධ කොට වන්දනාමාන කරන අවස්ථාවේ දිනක් රජු අප්‍රසිද්ධ වේශයෙන් මෙම ස්ථානයට පැමිණ බැලූ කල්හි ඉතා සතුටට පත්ව ඇමතියෙකු ඒවා වෙද රාළ අල්ලා ගෙනගොස් රජුට ඉදිරිපත් කළ විට සියළු පුවත් අසා ගොඩින් අමුණු පහක්ද “ශ්‍රී රාම මොහොට්ටාලගේ ගෙදර යන” යන නම්බුනාමය දී එය පාරම්පරික ව පවත්නා ලෙසටත් නියම කොට ලියවා දුන් බව එම පතේ සඳහන් වේ.

මෙම රන් පතිපතින් අනාවරණය කෙරෙන තවත් ඓතිහාසික තොරතුරු රැසකි. එම තොරතුරු දැක්වීමට පෙර එම රන් පත කියවා දැන් ගැනීම ඓතිහාසික කරුණු ගවේෂණයට රුකුලක් වන්නේය.

මෙම විහාරස්ථානය හා සම්බැදි පුරාවෘත්ත රාශියක් හඳුනාගත හැකිය. එදා රජ දවදා රජ දවස ආරම්භ කළ ආකාරයත් පශ්චාත් කාලීනව ක්‍රමික සංවර්ධනයක් විමසීමේ දී මෙකී සම්බන්ධතා මැනවින් ප්‍රකට වෙයි. සඟුරන්කෙත මහවාසළ රණවන මොහොට්ටාල, විහාරස්ථ සඟ පරපුර ආදී සබඳතා මෙහිදී ප්‍රධානත්වයක් උසුලයි. ඒ පිළිබඳව කරනු ලබන විවරණයකි

Ranawana Web Logo

Ranawana Purana Viharaya,
Moladanda,
Pilimathalawa.
Kandy, Sri Lanka.

20450

  • Home

  • About

  • History

  • Gallery

  • Events

  • Contact Us